Monday, August 25, 2014

දීපිකා පදුකෝන් අර්ජුන් කපූර්ගේ උකුලේ ප්‍රසිද්ධියේම වාඩි වෙයි - Deepika sat on arjun's lap

පසුගිය 12 වැනිදා වෙබ් අඩවි, පුවත්පත් හා සඟරා බොහොමයක පින්තූර සහිතව අපූරු ප්‍රවෘත්තියක් වාර්තා වුනා. ඒ තමයි දීපිකා පදුකෝන් අර්ජුන් කපූර්ගේ උකුලේ වාඩිවී මාධ්‍යය සමඟ කතාබහ කිරීමේ පුවතයි. දීපිකා මේ අයුරින් හැසිරී ඇත්තේ මොම්බායේදී චිත්‍රපට ගීතයක් මහජනතාව වෙනුවෙන් නිකුත් කිරීමේ උත්සවයකට එක් වෙමින්.


ඉතාම කෙටි විවිධ වර්ණයේ ඇඳුමකින් සැරසී උත්සවයට එක්වූ දීපිකා අර්ජුන් සමඟ ඉතා හොද කාලයක්  ගෙවා ඇති අතර ගීත නිකුතුවෙන් පසුව පසුව මාධ්‍ය සමඟ කතා කල හෝරාවේද මෙසේ හැසිරී ඇත.

මේ අවස්ථාවේ අර්ජුන් ඉතා අපහසුතාවයෙන් හැසිරුනු හැටි සමාජජාල වෙබ් අඩවිවල පළ කර තිබූ අතර මේ සියල්ල පලවීමත් සමඟ අර්ජුන් හට දුරකථන ඇමතුම් රාශියක් ගලා එන්නට විය.

ඒ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ දීපිකා සමඟ ‘පයින්ඩිං ෆනී‘ චිත්‍රපටයේ එකට වැඩ කිරීම නිසා ඇය සමඟ ඉතා සමීප මිතුදමක් ගොඩනැගුනු බවත් මෙවන් ආකාරයෙන් හැසිරීම සාමාන්‍ය දෙයක් බවත්ය.

ඔවුන් දෙදෙනා සහභාගී වූ උත්සවයේ ඡායාරූප පහතින්....





Related Posts Plugin for WordPress, Blogger...