Sunday, October 12, 2014

ධනුෂ්ක (Dream star 2014) දේශපාලන වේදිකා වලට නගින එක ඇත්තක්ද ?

ධනුෂ්කගැන මේ දින වල කටකතාවක් පැතිර යනවා‍ ගෙදර රැදෙන්නවත් බැරි තරමට කාර්යබහුල වුවත් දේශපාලන වේදිකාවට නම් නගින බව.මේ ගැන අහන්න හදගැස්ම ධනුෂ්කට කතා කළා.
සමහරු කියනවා ධනුෂ්කට නාමල් රාජපක්ෂගේ වේදිකා වල නගින්න නම් ඕන තරම් වෙලාව තියනවා කියලා ?
ඔව් මම නැග්ගා තමයි.මට ගෙවීමක් කරලා ආරාධනා කළා.මම ඒ ආරාධනාව භාර අරගෙන සින්දු කිව්වා.සල්ලි දෙනවා නම් මට පක්ෂය මොකක්ද පාට මොකක්ද කියන එක අදාල නෑ.මම ඕනම වේදිකාවක නගිනවා.මගේ ගාන හරියටම ගෙවනවා නම් මම සින්දු කියනවා.මේක මගේ වෘත්තිය.කරුණාකරලා මගේ කලා කටයුතු වලට වෘත්තිය ගාව ගන්න එපා.
හවසට ඒ දේශපාලකයන්ගේ ඉල්ලීමට සාද වලට යන්නෙත් කලා කටයුතු වලටද ? එහෙම ගිහින් ධනුෂ්ක දේශපාලනයටත් ඒවිද ? එහෙම නැත්නම් ධනුෂ්කගෙන් දේෂපාලකයෝ ගොඩ යාවි.

 නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමා මට ආරාධනාවක් කළා.එතුමා රටේ පිළිගත්ත පුද්ගලයෙක්.රටේ ජනාධිපති තුමාගේ පුතා.අනෙක් එක අපේ ගමේ කෙනෙක්.ඉතින් මම ගියා.මට සංග්‍රහ කරා.නියම මල්ලී කියලා මගෙ දක්ෂතා ඇගයුවා.මට සුභ පැතුවා.මම ස්තූතියි කියල ආවා.ඒකෙ වැරැද්දක් තියනවද ?මම දේශපාලනයට නම් එන්නේ නෑ.මට එහෙම එන්න අවශ්‍යතාවයකුත් නෑ.හැබැයි ඒ කාටවත් බයකට නෙවෙයි.කවුරුත් අකමැති නිසාත් නෙමෙයි.මට හිතුනොත් මම දේශපාලනය වුණත් කරනවා.හැබැයි මට එහෙම හිතිලාවත් නෑ.හොදට මතක තියා ගන්න.මම කාගෙවත් දේශපාලන අතකොළුවෙක් වෙන්නෙත් නෑ.
Related Posts Plugin for WordPress, Blogger...