Monday, August 25, 2014

වාරියපොළ සිද්ධියෙන් පසු සෙල්වාගේ බිරිය දරුවා සමග ඔහුගෙන් වෙන්වෙයි



සිද්ධිය මෙච්චර දුර යයි කියල මං හිතුවෙ නෑ


පසුගියදා ෆේස් බුක් ඔස්සේ ආන්දෝලනයක් ඇති කළ වාරියපොළ බස් නැවතුම්පොළේ පහරදීමේ සිද්ධියෙන් පසු එම තරුණිය නිවසින් එළියට බහින්නට බැරිව සිටින ආරංචිය මින් පෙර වාර්තා වුණා. එයට මුහුණ දුන් තරුණයාගේ තත්වය දැන් ඊටත් භයානකය.
සිද්ධිය නිසා ඔහුගේ පවුල ඔහු හැරදමා ගොසිනි. රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර හෙවත් සෙල්වා නමැති 30 හැවිරිදි එක්දරු පියෙකු වූ ඔහු
වාරියපොළ, විලාකටුපොත පල්ලිය අසල පදිංචි කරුවෙකි.
සිද්ධියෙන් පසු ෆේස් බුක් ඔස්සේ ඇතිවූ ආන්දෝලනය නිසා මාධ්‍ය කැමරා කණ්ඩායම් ඔහුගේ නිවස සොයා ගිය අතර වාරියපොළ ප‍්‍රදේශය පුරා ඔහු ප‍්‍රසිද්ධවූයේ ‘කෙල්ලන්ට විහිළු කර ගුටිකෑ’ පුද්ගලයෙකු ලෙසිනි. එය ඔහුගේ බිරියට රුස්සන්නේ නැති කාරණාවක් වී තිබුණා.
සෙල්වා ඔහුට සිද්ධවූ අලතලංචිය විස්තර කර සිටියේ මෙසේය.

‘මං ඉපදුනේ වාරියපොළ. වාරියපොළ ටවුමෙම තමා මං ඉස්කෝලෙ ගියේ. දැන් මේ සිද්ධියෙන් පස්සෙ මට ටවුමෙ පැත්තවත් යන්න බෑ. මට සිද්ධියෙන් වුනේ අපහාසයක්.



යාළුවො කිව්ව නිසා මං රැුවුලත් කැපුවා.
මං හිතුවෙ නෑ මේ සිද්ධිය මෙච්චර දුරට යයි කියලා. මං විවාහකයි එක දුවෙක් ඉන්නවා. ඒත් මේ සිද්ධියෙන් මං හිතපු නැති විදියෙ දෙයක් ගෙදර ගිහාම වුනේ. මගෙ ගෑනියි දරුවයි මේක නිසා මට ඇත්තටම නැතුව ගියා. ඒ ගොල්ලො මාව දාලා ගියා.

මට අම්මයි තාත්තයි දෙන්නම නෑ. තාත්තා අවුරුදු 7දී නැති වුණා. අම්මා මාව දාල ගියේ අවුරුදු 18දී. නැන්දලායි ගෙදර මං හිටියේ. පොල් කඩල තමා මං ජීවත් වෙන්නේ. මට මල්ලිලා 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් වැඩ කරන්නෙ ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවෙක් විදිහට. ජයසිංහ අයිය ඉස්සර ඉඳල මං දන්නවා.

ඒත් එයා මේ සිද්ධියේදී මගෙ පැත්තට කථා කළේ නෑ. මාව පොලිසියට අල්ලල දෙන්න තමා බැලූවේ. ඔහොම ඇඳුම් ඇඳගෙන ටවුමේ ඇවිදින්න එන එක කැතයි කියල විතරයි මං ඒ දෙන්නට කිව්වෙ. උපදෙසක් දෙන


 විදිහට කිව්වෙ. නරක වචන කිව්වෙ නෑ.ඒත් ඒ දෙන්නා මං පස්සෙන් ඇවිත් නොහිතපු තරම් දුරට ඒ සිද්ධිය ගෙනිච්චා.

පැය භාගයකට වඩා මට ගැහුවා. අන්තිම වෙද්දි මට දුවලා යන්නවත් බැරුවා ගියා.
මං එයාලට අතක්වත් උස්සන්න හිතුවේ නෑ. ඒ අයට ගහන එක හොඳ දෙයක් නෙවෙයි කියලා මට හිතුණා. කේන්තිය නිවාගෙන නතරවෙයි කියල හිතුවා.
මං ටිකක් බොනවා නම් තමයි. ඒත් ඒ වෙලාවේ බීලා හිටියේ නෑ. අන්තිමට මට වුනේ පවුලත් නැතිව ගිය එකයි’





Related Posts Plugin for WordPress, Blogger...