Tuesday, August 26, 2014

චිත්‍රපට සංස්ථාවට කොන්දක් නැ.නිලධාරීන් පොල්පිති වගේ ! - වන්ෂොට් සමඟ විරසක වූ අර්ජුන් කමලනාත් කියයි !

- බනින්නෙත් මුනටමයි.වැරදි කියලා හිතුනාම සමාව ගන්නෙත් ප්‍රසිද්ධියෙමයි!

- ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ අද ලංකාවේ ඉන්න නොම්බර එකේ අධ්‍යක්ෂවරයා!

- ඇයි ඔච්චර බය?මාත් එක්ක ඕන නළුවෙක් එන්න රඟපාන්න!

- ගාමිණි ෆොන්සේකා,විජය කුමාරතුංග වලෙන් නැගිටලා ආවත් මට කිසි ප්‍රශ්නයක් නෑ!

- එන්න එකට වැඩ කරමු.වැඩ කරලා වැඩ පෙන්නමු!


ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ,නළුවෙක් හැටියට අපි හඳුනාගෙන හිටපු අර්ජුන් කමලනාත්ව සිනමා අධ්‍යක්ෂවරයෙක් කරපු චිත්‍රපටය.අර්ජුන් යාළුවො කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා සල්ලි දාලා කරපු මේ චිත්‍රපටයෙන් ඔහු පාඩු ලැබුවා.ඉස්සර පුංචි තිරයෙන් වැඩිය දකින්න නොලැබුණු අර්ජුනව මේ සිද්දියෙන් පස්සේ අපිට ටෙලිනාට්‍ය වලින් දකින්නත් ලැබිලා.


ප්‍රශ්නය -:
අර්ජුන් ඔබේ film එකෙන් පාඩු වුනු නිසාද දැන් සල්ලි ගැන හිතලා ටෙලිනාට්‍ය වලත් රඟපාන්නේ?
අර්ජුන් -:
මං වේදිකා නාට්‍යයකවත් රඟපාන්නේ නැතුව කෙලින්ම සිනමාවට ආපු නළුවෙක්.ඒ අතරින් පතර ටෙලිනාට්‍යයකත් රඟපෑවා ලැබුණු ආරාධනා මත වෙනසකටත් එක්ක.tv එකේ නිතරම පෙනුනාම සිනමාවට අඩු තක්සේරුවක් වෙයි කියල මම ටෙලිනාට්‍ය 50 කට එහා ප්‍රතික්ෂේප කරලා තියෙනවා.මේ විදිහට පර්ස් එක ගැනවත් නොහිතා සිනමාව ගැන හිතපු මට අධ්‍යක්ෂවරයෙක් විදිහට මුලින්ම චිත්‍රපටයක් කරපු වෙලාවේ මේ රටේ සිනමාව පාලනය කරනවා කියන පුද්ගලයෝ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ පාලන අධිකාරිය සලකපු විදිහ ගත්තාම මට හිතෙනවා මං ජිවිතේ වරද්ද ගත්තද කියලා.
කවුරුත් දන්නවා සිනමාවේ තියෙන්නේ එකාධිකාරයක්.එක්තරා පුද්ගලයෙක් ඉන්නවා,ඔහුව රකින එක්තරා නළුවෙක් ඉන්නවා.මේ දෙන්න ඇති කරගෙන ඉන්න මාෆියාව ලේසිපාසු නැ.ඒකට මං අහුවුනා.ඒකට අහුවුනාම චිත්‍රපට සංස්ථාව ඉන්නේ අපිව ගලවගන්න.නමුත් වර්තමාන පාලන අධිකාරියට හැකිවුණේ නැ.අඩු තරමේ නැකතට පහන පත්තු කරන්නවත් මට සිනමාශාලාවක් තිබුනේ නැ.මට කරපු දෙ ගැන කියන්න සිංහල භාෂාවේ වචන නැ. තියෙන ඒවා පාවිච්චි කලොත් මාධ්‍යට හොඳ නැ.
හැබැයි මට නසරානි වැඩ කරපු ඒ අයගේ film එක හොම්බෙන් ගියා.පොඩි ෆිල්ම් එකක් නිසා මටනම් පාඩු ලක්ෂ 10ක් 15ක් විතර.ඒගොල්ලන්ට ලක්ෂ 150ක 200ක පාඩුවක්.උඩ දෙවියෝ කියලා ජාතියක් ඉන්නවනේ.මට විතරක් නෙමේ මේ දේ 90% කට වෙනවා.මේක නවත්තන්න චිත්‍රපට සංස්ථාවට කොන්දක් නැ.නිලධාරීන් පොල්පිති වගේ.මං දැන් පාඩුවේ බලන් ඉන්නවා මොනවද මේ වෙන්නේ කියලා.මං අධ්‍යක්‍ෂණය කරන්න පටන්ගත්ත තව ෆිල්ම් එකක් තියෙනවා.ඒක බාගෙට නැවැත්තුවා.මේ ප්‍රශ්න විසදෙන තුරු ඒකට ඇත තියන්නේ නැ.දන්න කෙනෙක්ට ෆිල්ම් එකක් කරන්න කියන්නෙත් නැ.

ප්‍රශ්නය -:
ඔබ මීට පෙරත් සිනමාවේ දැවැන්තයෝ කිහිප දෙනෙක් එක්ක ප්‍රශ්න ඇති කරගත්තා.හැබැයි ටික කාලෙකින් ඔවුන්ගෙන් සමාවත් ගත්තා ..
අර්ජුන් -:
මං සමාව ඉල්ලුවේ මගේ film ඒක සම්බන්ද ප්‍රශ්නෙකට නෙමේ.රවින්ද්‍ර රන්දෙනිය මහත්තයත් එක්ක මට ප්‍රශ්න තිබුනේ වෙන වෙන කතන්දර එක්ක.පස්සේ මට තේරුණා ඔහු උපදේශන තනතුරේ හිටියට නිදහසේ වඩා කරන්න බැ කියලා.ඔහු ප්‍රවීනයෙක් වැඩිහිටියෙක්.ඉතින් නොදැනුවත්කමින් හරි හිත රිද්දුවනම් කියලයි මං සමාවගත්තේ.කොපි පනස් පහේ ප්‍රශ්නෙදි සෝමරත්න බාලසුරියයි රේණුකා බාලසුරියයි කියන දේ වැරදියි වගේ මුලින් මට හිතුනේ.මගේ ෆිල්ම් ඒකට ඒ ප්‍රශ්නේ අවේ නැ.චිත්‍රපට සංස්ථා මණ්ඩලයේ තියෙන ප්‍රධාන ශාලාවක් සහ චිත්‍රපට සංස්ථාවට අයිති කන්ට්‍රාස් දළුගම ශාලාව මට දෙන්න කියලා සෝමරත්න මහත්තය සංස්ථාවට ලියුමක් දුන්නා.ඒකෙ වත්මන් බදුකරු අර මාෆියා කාරයා තමයි ඒක දුන්නේ නැත්තේ.ඉතින් මගේ අතින් වැරද්දක් වුනාම ඒක පිළිගන්න සමාවෙන්න කියලා ප්‍රසිද්දියේ කියන්න තරම් මට කොන්දක් තියෙනවා.බනින්නෙත් මුනටමයි.වැරදි කියලා හිතුනාම සමාව ගන්නෙත් ප්‍රසිද්ධියෙමයි.

ප්‍රශ්නය -:
ඔය විදිහටම තව ටික කාලෙකින් මේ දෙන්නගෙනුත් සමාව ගනීද?
අර්ජුන් -:
ඔය නළුවා මං සිනමාවට ආපු දවසේ ඉඳලා අද අන්තිම චිත්‍රපටය වෙනකම්ම මට ගහපු කෙනනේ.අනිත් මාෆියා කාරයා ගැනත් මගේ ස්ථාවරය වෙනස් වෙන්නේ නැ.මෑත කාලේදී මං සුරංග ද අල්විස් අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටය ක රඟපෑවා.එකේ මාවයි හිමාලි සිරිවර්ධනවයි දාලා ලස්සන යුග ගීතයක් කළා.ඒ සින්දුව කෝ?මේ සින්දුව කලොත් මං හඬ කැවීම් වලට එන්නේ නැ කියලා තර්ජනය කළා,ඒ නිසා අර්ජුන මේක කරන්න වෙන්නේ නැ කියලා අධ්‍යක්ෂවරයා මට කිව්වා.ඔය එකක් විතරයි.

ප්‍රශ්නය -:
ඔබ ලඟදි දවසක් කියලා තිබුනා ඔබට ලැබෙන්න තිබුණු ජනප්‍රිය නළුවා සම්මානයත් නොදී හිටියා කියලා?
අර්ජුන් -:
මට මතක විදිහට ඒක වුනේ 2006 සරසවි සම්මාන උළලේදී.ඒ කාලේ කුපන් වලින්නේ කට්ටිය තෝරන්නේ.ඉතින් හැමදාම නළුවයි එයාගේ කට්ටියයි එකතු වෙලා කුපන් පුරවලා යවනවා.ඕක කවුරුත් දන්න දෙයක්.ඉතින් අපිත් කළා.මුලින් එකට හිටියේ මම.දෙක චන්න,තුන ඔය කියන නළුවා.ඊටපස්සේ closing date ඒක සුමාන දෙකක් ඉස්සරහට දැම්මා.ඇතුලේ හිටපු යම කිව්වා මම එකට හිටපු හින්දයි එහෙම කලේ කියලා.ඊටපස්සේ සතියෙත් මං එක.අන්තිම සතියේදී පත්තරේ ඡන්ද ප්‍රතිපල නැ.මං සම්මාන උළෙලට ගියා.නමුත් සම්මානේ මට ලැබුනේ නැ.පස්සේ මට දැනගන්න ලැබුනා අර නළුවා ඉන්දියාවේ ඉඳන් කතා කරලා කියලා තියෙනවා කාට දුන්නත් අර්ජුනට නම් දෙන්න එපා කියලා.ඒ අවුරුද්දෙන් පස්සේ අද වෙනතුරු ඔය සම්මාන උළෙල තියන්න හම්බවුනේ නැ.ඒකියන්නේ ඔඩිට් ඒකෙන් සේරම චෙක් කරලා බලල මගේ චෝදනාව පිළිඅරන් තියෙනවා කියන එකනේ.

ප්‍රශ්නය -:
විජය කුමාරතුංග ,ගාමිණි ෆොන්සේකා ගෙන් පස්සේ සිනමාවට වීරයෙක් බිහිවුනේ නැ.දැනට ඉන්න එකම වීරයා රන්ජන් රාමනායක කියලා සමහරු කියනවා?
අර්ජුන -:
ඉතින් ඒක තමයි අද සමහරක් පුද්ගලයන්ට කරන්න ඕන වෙලා තියෙන්නෙත්.එතනින් එහාට කාටවත්ම එන්න දෙන්නේ නැ.ඊයේ පෙරේද හිරු tv එකේ ගියා ජයපිට ජය කියන film ඒක.ඒක බැලුවනම් අර්ජුන කමලනාත් ගේ සටන් ජවනිකා බලාගන්න තිබුනා.කාටවත් කියන්න බැ එයාගෙන් පස්සේ කවුරුත් නැ කියලා.මම ඉන්නවා,තව රොෂාන්,හේමාල් පුබුදු චතුරංග.නළු නිළියන්ගේ අඩුවක් නෙමෙයි අද තියෙන්නේ.වීර චරිත කරන අධ්‍යක්ෂවරුන්ගේ අඩුවක් තියෙන්නේ.දැන් ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා මහරජ ගැමුණු කරන කොට සුරනිමල කියන දැවැන්ත චරිතයට ගත්තේ අර්ජුන කමලනාත්ව.
ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ අද ලංකාවේ ඉන්න නොම්බර එකේ අධ්‍යක්ෂවරයා.එතුමාගේ film එකේ අශ්වයෝ පදින අශ්වයෙක් පදින ගමන් තවත් අශ්වයෙක්ව අරන් යන,කඩු සටන් තියෙන සුරනිමල චරිතය දුන්නේ අර්ජුන කමලනාත්ට.ඉතින් ඔය කියන පුද්ගලයට දෙන්න තිබුනනේ.ජයන්ත චන්ද්‍රසිරි වගේ මොලේ තියෙන මිනිස්සු දන්නවා වැඩකාරයා කවුද කියලා.කකුලක් අඩි පහක් උස්සගන්න බැරි මනුස්සයෙක් කොහොමද සටන් නළුවෙක් වෙන්නේ.ඔය කියන පුද්ගලයා එක්ක තමයි මන් රජ හොරු ච්ත්‍රපටය කලේ.බලන්න ඒකෙ කවුද වැඩ පෙන්නලා තියෙන්නේ කියලා.
ඇයි ඒ film එකේ කටවුට් ,පෝස්ටර් වලට අර්ජුනව දාන්න දුන්නේ නැත්තේ.හැබැයි film එක සුමානෙන් වැටුනට පස්සේ නිෂ්පාදකයාට අර්ජුන කමලනාත්ව ඕන වෙලා පත්තරවල පෙන්නලා තව සුමාන දෙක තුනක් film එක දුවව ගත්තා.පත්තරේකටත් ඔය අනිත් නළුවා කියලා තිබුනා meetings 11ක් තිබ්බ කියලා මාත් එක්ක රඟපාන්න කැමතිවෙන්න.හැබැයි අධ්‍යක්ෂවරයා මට කිව්වේ 11ක් නෙමෙයි 19ක් තිබ්බ කියලයි.ඊටපස්සේ script එක ගෙන්න ගෙන තමන්ට කැමති චරිතය තෝරාගත්තා.මන් කලේ ඉතුරුවුණු එක.ඇයි ඔච්චර බය?මාත් එක්ක ඕන නළුවෙක් එන්න රඟපාන්න.ඔය කියන පුද්ගලයා හරි හේමාල් හරි ආයි ගාමිණි ෆොන්සේකා,විජය කුමාරතුංග වලෙන් නැගිටලා ආවත් මට කිසි ප්‍රශ්නයක් නැ.තමන්ට දෙන චරිතේ තමන් කරලා හරියට ගෙදර එන්න ඕනේ.ඒකයි නියම දේ.

අරු කරන්නේ මොකක්ද?එඩිට් එකට ගිහිල්ලා වාඩි වෙලා,මුගේ ෂොට් කපන්න මේක දාන්න එපා,එඩිට් එකට යනවා.අවශ්‍ය නෑ නේ නළුවෙකුට එඩිට් එකට යන්න.ගිහිල්ලා අනිත් එවුන්ගේ ඒවා බලන්න.ඉතින්  ඒවා හොඳ වැඩ නෙමෙයි.ඉතින් මේවා දන්නේ නෑනේ ඇත්ත මිනිස්සු.මම කියන්නේ ඒකයි.එන්න එකට වැඩ කරමු.වැඩ කරලා වැඩ පෙන්නමු.
Related Posts Plugin for WordPress, Blogger...