Wednesday, August 27, 2014

නවසීලන්තයේ ඉදන් තනූජා ඇවිත්....

මෙහෙ නිළියක් වුණාට මම එහෙ පෙර පාසල් ගුරුවරියක් - තනූජා

නවසීලන්තයේ ඉඳන් කවදාද තනූජා ලංකාවට ආවේ...?
සති දෙකක් විතර වෙනවා. තව සතියකින් ආපහු යනවා.

ඔය තරම් හදිස්සියෙ ආවේ ඇයි?
හුස්ම සහ ඔක්සිජන් ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට ලංකාවට ආවේ. මම ලංකාවෙන් යන්න කලින් රූගත කිරීම්වල පළමු අදියරට සහභාගි වුණා... අවුරුදු තුනකට විතර පස්සේ තමයි දෙවැනි අදියරේ රූගත කිරීම් ආරම්භ වුණේ. රූපිකා කියන්නේ නාට්‍ය පුරා දිවෙන චරිතයක්. විදෙස් ගත වෙලා හිටපු නිසා මට තිබුණා නෑවිත් ඉන්න. ඒත් වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට ඒක ඒ තරම් හොඳ නැහැ. ඒ නිසයි මම ලංකාවට ආවේ.

විදෙස් ගතවෙලා රංගන ජීවිතයට අපරාධයක් කරගත්තා කියලා හිතෙන්නෙ නැද්ද?
නොහිතෙනවා නෙවෙයි. ඒත් ඒ හැමදේටම වඩා පවුල් ජීවිතය වටිනවානෙ. පණ්ඩුක එහෙ ඉඳිද්දී මට තිබුණා මෙහෙ ඉන්න. ඒත් මං කැමති නෑ අපි දෙන්නා දෙතැනක ඉන්නවාට.

පණ්ඩුක දැන් මොකද කරන්නේ?
අධ්‍යාපන කටයුතු අවසන් කරල ප‍්‍රධාන පෙළේ සමාගමක ප‍්‍රධාන සූපවේදියෙක් විදියට වැඩ කරනවා.
ලංකාවෙ ඉන්න කාලේ පණ්ඩුකත් රංගන කටයුතුවලට සම්බන්ධ වුණා නේද?
ඔව්. එයා අන්තිමට රඟපෑවේ උදයකාන්ත අයියගෙ සෙනසුරු මාරුව චිත‍්‍රපටයේ. චිත‍්‍රපට කිහිපයකට, ටෙලිනාට්‍ය දෙක තුනකට පණ්ඩුකත් සම්බන්ධ වුණා.
බිරිය නිළියක් නිසාද පණ්ඩුකටත් රංගනයට හිත ගියේ...

මම බිරිය වුණේ පස්සෙනේ... නළුවෙක් වෙන්න වුවමනාව තිබුණා නම් එයාට පුංචි කාලේ ඉඳන්  ඕනෑ තරම් අවස්ථාව තිබුණා. මොකද පණ්ඩුකගෙ තාත්තා දක්‍ෂ සිනමා කැමරා අධ්‍යක්‍ෂවරයෙක්. (කේ.ඞී. දයාරත්න* පසුගිය කාලේ වුණත් පුංචි වෙනසකටත් එක්ක රඟපෑවාට, නළුවෙක් වෙන්න එයාට කවදාවක් වුවමනාවක් තිබුණේ නැහැ.

බිරිය රඟපානවාටත් තහංචි දැම්මෙ නැද්ද...?
එයාට මාව හම්බ වුණේ මම නිළියක් වුණාට පස්සේ. උදවු කළා මිසක් කවදාවත් තහංචි දැම්මේ නැහැ. ඒකනේ මේ විදියට ලංකාවටවත් එන්න ලැබුණේ.

තනූජා නවසීලන්තයේ රැුකියාවක් කරන්නෙ නැද්ද?
මෙහෙ නිළියක් වුණාට මම එහෙ පෙර පාසල් ගුරුවරියක්.

ගුරුකමයි, නිළිකමයි හාත්පසින්ම වෙනස්නේ...?
ඇත්ත. ඒත් පුංචි දරුවො ඉස්සරහා මම නිළියක් නෙවෙයි. රැුකියාවෙදි විතරක් නෙවෙයි ලංකාවෙන් පිටවෙන්න ගුවන් යානයට අඩිය තියනකොටම ඔය නිළිකම ඔළුවෙන් අයින් නොකළොත් අපිට වෙන රටකට ගිහින් වැඩක් කරන්න බැහැ. මොකද අපේ රටේදී අපි නිළියො වුණාට ඒ රටට අපි සාමාන්‍ය මනුස්සයෝ විතරයි. අනිත් එක කියන්න  ඕනෑ පුංචි දරුවොත් එක්ක වැඩකරනකොට හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ... ඒ වගේම තමයි පෙර පාසල් ගුරුවරියක් විදියට ලැබෙන ජාත්‍යන්තර පුහුණුව මිල කරන්න බෑ... ‘අසංගි‘ කියන ලංකාවේ යාළුවෙක් තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ...

ගුරුකමට තනූජාගේ හිත ගිහින් වගේ...?
අම්මෝ ඔව්... ගෙදර ආවහම ඊළඟ දවස උදාවෙනකන් බලාගෙන ඉන්නේ... ඒ තරම් මම ඒ රැුකියාවට ආසයි.
ඒ කියන්නේ තනූජා දිල්හානි කියන නිළිය ගැන තවදුරටත් පේ‍්‍රක්‍ෂකයො විදියට අපට බලාපොරොත්තු කියා ගන්න බෑ...
මෙගා නාට්‍යවලට නම් සම්බන්ධ වෙන්න බෑ... ඒත් ඉඳහිට හොඳ නිර්මාණයක් ලැබුණොත් ටික දවසකට මේ ආවා වගේ ඇවිත් යන්න පුළුවන්.

දැන්ම ලංකාවෙ පදිංචියට එන්නෙ නැද්ද?
නැහැ. තව ටික කාලයක් ගතවේවි. තාම අපි ඒ රටේ ස්ථාවරයක් ගොඩනඟා ගත්තා විතරයිනේ.
ඔයා ලංකාවෙ නැති කාලේ සම්මාන සඳහාත් නිර්දේශ වුණා නේද?
ඔව්... එක සම්මාන උළෙලක හොඳම නිළියට නිර්දේශ වුණා. තවත් සම්මාන උළෙලක සහාය නිළියට නිර්දේශ වුණා. මං හිතන්නේ සම්මානයක් ලැබුණාටත් වඩා මට ඒ ගැන සතුටුයි.

කවදාද දෙන්නා තුන්දෙනා වෙන්නේ...?
දැන් නම් ඒ ගැන හිතන්න කාලේ හරි කියලා හිතනවා.
ආපසු ලංකාවට ඇවිත් යන්න එන්නේ කවදාද?
ලබන අවුරුද්දේ විතර. ඒ ආවහමත්  කතා කරන්නම්කෝ.

හිමේෂා සවන්තී රාජපක්‍ෂ
ඡුායා: අසන්ත ගමආරච්චි


Related Posts Plugin for WordPress, Blogger...