Wednesday, August 27, 2014

ෆේස්බුක් පෙමින් තිදරු පියෙකුගේ ගොදුරක් වූ පාසල් ශිෂ්‍යාවගේ කතාව

මීට දශක කිහිපයකට පෙරදී තරුණයකුගෙන් හෝ තරුණියකගෙන් පෙම් කරන්නේ මොකටදැයි යනුවෙන් ප‍්‍රශ්නයක් ඇසූ විට ඔවුන් පිළිතුරු දුන්නේ ”විවාහ වෙන්න” යනුවෙනි. ඒ එකල පෙමින් බැඳුණු බොහෝ දෙනෙකු පේ‍්‍රම සබඳතාව විවාහයෙන් කෙළවර විය යුතු බව දේව වාක්‍යයක් සේ ඇදහූ බැවිනි.

කෙසේ නමුදු දැන් කාලයේ නම් පෙම් කරන්නේ කුමකටදැයි ප‍්‍රශ්නයක් ඇසූ විට ඊට පිළිතුරු රැුසක් ලැබේ. ඒ පිළිතුරු අතරින් එකක් වන්නේ තරුණයාගෙන් හෝ තරුණියගෙන් මුදල් ගරා ගැනීමටය. අපේ මේ කතාවද තරුණයකුගේ එවැනි ගැටයකට හසු වී මුදල් ඇතුළු සියල්ල නැති කර ගත් පාසල් ශිෂ්‍යාවක් පිළිබඳවය.

ඇය අපි ගයන්ති යනුවෙන් හඳුන්වමු.  සුන්දර රූ සපුවක් තිබූ ගයන්ති ඉපැදුණේ ”රිදී හැන්ද මුවින් දරා ගත් කුමරියක” ලෙසය. පවු‍ලේ එකම දරුවා වූ ඇයට කිසිදෙයකින් අඩුවක් නොවීය. ව්‍යාපාරික ලෝකයේ  ඉහළින් වැජඹුණු තම පියා ගයන්ති ඉල්ලන ඉල්ලන හැම දෙයක්ම ගෙනත් දුන්නේ තම එකම දරුවාගේ බලා‍පොරොත්තු හා ඇයට තිබූ අසීමිත දරු සෙනෙහස නිසාය.

දිනක් ගයන්ති ”තාත්තේ මට හොඳ ලැප්ටොප්  කම්පියුටරයක් අරන් දෙන්න” යැයි කීවාය.
පියා එදින හවසම ගයන්තිට ලැප්ටොප් පරිගණකයක් මිලදී ගෙන  දුන්නේය.

ගයන්තිට අසීමිත සතුටක්  දැනුණි. ඇය පරිගණක විද්‍යාව පාසල තුළදීත් බාහිර පංතියක් තුළදීත් මනාලෙස හදාරා තිබුණි. දිනක් දෙකක් සාලයේ සිට පරිගණකයෙන් වැඩ කළ ගයන්ති, ”තාත්තේ මට ඉන්ටර්නෙට් යන්න ඩොන්ගල් එකක් අරන් දෙන්න”  යැයි පියාට පැවසීය. පියා තම සේවකයකු ලවා ඒ මොහොතේම එම අවශ්‍යතාවයද ඉටු කළේය. තම ගෙදර වාහනයෙන්, පාසල් හා උපකාරක  පංති යන ගයන්තිට යාළුවෝ සිටියේ බොහෝම ටික දෙනෙකි.  ගමේ කිසිත් ආශ‍්‍රය කිරීමේ හැකියාවක් ඇයට තිබුණේ නැත.

ගයන්ති හැමදාම පාසල් ගොස් නිවසට පැමිණි මොහොතේදිමත් මහ ? වෙනකනුත් පරිගණකයේ රැුෙක්‍ෂමින් සිටින්නේ තම පරිගණකය සාලයෙන් තම කාමරය  තුළට ගෙන දොරගුලූ‍ ලාගෙනය. මේ අතරේ මුහුණු ‍පොත හෙවත් ෆේස්බුක්  හරහා ගයන්තිට මිතුරු මිතුරියන් රැුසක් හඳුනා ගන්නට ලැබුණි.

නිශාන්තද ගයන්තිට එසේ හමු වූ මිතුරෙකි. ෆේස්බුක්වලින් පමණක් නොව ස්කයිප් තාක්ෂණය ඔස්සේද ගයන්ති නිශාන්ත සමග කතා බස් කළාය.  නිශාන්තගේ වයස අවුරුදු විසි අටක් පමණ විය. එනමුත් නිශාන්ත ගයන්තිට පවසා තිබුණේ තමන්ටද අවුරුදු දහඅටක් වන බවය. දෙදෙනා අතර ඇතිවූ මිතුදම ආදර  සබඳතාවකට පෙරළීමට වැඩි කලක් ගියේ නැත.

ගයන්ති නිශාන්තට පෙම් කළේ තමාගේ දෙමාපියන්ටත් නොදෙවැනිවය. ඇය තම පියා වූ සරත්ගෙන් විවිධ දේවලට යැයි කියා මුදල් ඉල්ලා ගත්තාය. පියා කිසිදු ප‍්‍රශ්න කිරීම්වලින් තොරව ඇයට මුදල් දුන්නේය.සරත් හා අනුලා තම එකම දියණියගේ හිත රිදෙන කිසිම දෙයක් කළේ නැත. අඩුම තරමින් ඇය නිරන්තරයෙන් ටික දිනක සිට ඉල්ලන මුදල් කුමකට දැයි ප‍්‍රශ්න කිරීමක් වත් කළේ නැත.

නිශාන්ත තමාගේ අධ්‍යාපනික කටයුතුවලට මුදල් නොමැතිකමින් තම පවු‍ලේ ආර්ථික අගහිඟකම් පිළිබඳවත් තම පෙම්වතියට නිතරම කීවේය. ගයන්ති ඒ හැම දෙයක්ම වෙනුවෙන් නිශාන්තට පිහිට වන්නේ ඉටු දෙවියකු මෙන්ය.  දිනක් රාත‍්‍රී 9.30 ට පමණ දෙදෙනාම ස්කයිප් තාක්ෂණයෙන් කතා බස් කර කර සිටියහ. ඒ අවස්ථාවේ අනුලා කාමරයට පැමිණියේ කාමරයේ දොරගුළුලාන්නට ගයන්තිට අමතක වූ නිසාය.
”දුව දැන් ඔයා මේ කොම්පියුටරේනේ නිතරම ඉන්නෙ. ඉස්කෝ‍ලේ වැඩ කරන්නේ නැද්ද දැන් විභාගයටත් ළඟයිනේ” යැයි කියුවේ ආදරයෙනි. නමුත් ගයන්තිට අම්මාගේ මේ කතාව ඇල්ලූ‍වේ නැත. ඇය දැන් දැන් දෙමාපියන් දෙදෙනා ද රිස්සුවේ නැත. ඒ ඇගේ  පෙම්වතා වූ නිශාන්ත සිටි නිසාය.

නිශාන්ත ගේ උපන් දිනයට ගයන්ති ඔහුට ලැප්ටොප් පරිගණකයක් තෑගි කරන්නේ ඔහුටත් නිවසේ සිට තමා සමග සම්බන්ධවන ලෙස කියමිනි. ඒ නිශාන්ත මෙපමණ කලක් ඇය සමග කතා කළේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක සිට බැවිනි. නමුත් නිශාන්ත ගයන්ති මිලදී ගෙන දුන් ලැප්ටොප් පරිගණකය ගෙදර ගෙන ගියේ නැත. ඔහු පරිගණකය තබා තිබුණේ තම මිතුරෙකුගේ නිවසේය. ගයන්ති ඉගෙනුම ලැබුවේ දකුණේ සුපිරි පාසලකය. නිශාන්ත ඇයට කියා තිබුණේ තමා ඉගෙනුම් ලබන්නේ ද ගම්බද දුෂ්කර පාසලක බවය. ගයන්ති නිශාන්තගේ අධ්‍යාපනයට යැයි කියමින් නිතරම මුදල්  එවීමටද අමතක නොකළාය. කාලයක් පුරා පරිගණකය හරහා එකිනෙකාගේ රුව දැක ඇති ඔවුන්ට හමු වී කතාබස් කිරීමට ආසාවක් ඇතිවිය.

”ගයන්ති ඔයා අර ක්ලාස් එකට එනවානේ. මමත් ඒ ක්ලාස් එකට එන්නදැයි” නිශාන්ත යෝජනා කළේය.

ඒ අනුව නිශාන්තද මුදල් ගෙවා ගයන්තිගේ පෞද්ගලික පන්තියට ඇතුළු විය.
දෙදෙනා පළමු වරට මුණ ගැසෙන්නේ එම අධ්‍යයන ආයතනයේදීය. කීප වතාවක් පන්ති ගියත් නිශාන්තට මිතුරන් සිටියේ නැත. එම පන්තියේ දී ගයන්ති ඒ ගැන වරක් නිශාන්තගෙන් ඇසුවේය. ඔහු බොහෝ විට පංති පටන් ගැනීමට පෙර කතාබස් කළේ ගයන්ති හැරෙන්නට එම පංතියේ පංති කාඞ් සටහන් කරන පුද්ගලයා සමග පමණි. කෙසේ නමුදු පසුව අනාවරණය වන්නේ නිශාන්ත ගයන්ති දුන් මුදලින් මාසයකට වරක් කීයක් හෝ එම පුද්ගලයාගේ අතමිට මොළවන බවය. ඒ නිශාන්තට පන්තියට යාමට ඔහුගේ සහය ගැනීමටය.

මේ අයුරින් මේ පෙම් කතාව ඇදී යද්දි නිශාන්ත හා ගයන්ති පන්තියේ විනෝද චාරිකාවක් යන බව පවසමින් නිශාන්ත හා එක්ව ඇවිදීමට ගියහ. ඔවුන් මුලින්ම යන්නේ  කළුතර බෝධිය වඳින්නටය. ඒ ගයන්තිගේ යෝජනාවක් අනුවය. ඉන්පසු දෙදෙනාගේම කැමැත්ත මත නිදහසේ සුව විඳින්නට ඔවුන් කළුතර ප‍්‍රදේශයේම එක්තරා නවාතැනක කාලය ගෙවා දමන්නේ පෙම් සුව විඳිමිනි. මේ අයුරින් ඔවුන් සෑම මසකම තුන් හතර වතාවක් පංති නොයා පෙම් සුව විඳීමට හෝටල් කාමර ගානේ ගියහ. ගයන්ති නිශාන්තට සෑම මසකම රු. විසි දහසක් තිස් දහසක් අතර මුදලක් දී තිබුණි. ඒ අනුව ඉකුත් කාලයේ ඇය නිශාන්ත වෙනුවෙන් වැය කළ මුදල රුපියල් ලක්ෂ  ගණනකි.

ගයන්ති නිශාන්තට යතුරු පැදියක් ගැනීමට රුපියල් ලක්ෂයක් දුන්නාය. මිලදී ගත් යතුරු පැදියේ නැගී ඔවුන් දෙන්නා මුලින්ම ගොස් තිබුණේද මාතර විහාරස්ථානයක් වඳින්නටය. එතැන් සිට ඔවුන් දෙන්නා ගමන් ගියේ යතුරු පැදියෙනි.

මේ අයුරින් ගයන්තිගේ හැසිරීම ගයන්තිගේ පියාට හා මවට වැටහීමට කාලයක් ගෙවී ගියද ඔවුන් දෙදෙනා මේ පිළිබඳ සාකච්ඡුා කිරීම නිරන්තරව සිදු විණ. නමුත් ඔවුන් මේ වග මේ දරුවාට පෙන්නුවේ නැත. ඔවුන් ඒ වෙනුවට දරුවා යන එන හා අසුරු කරන අය පිළිබඳවත් ඇගේ තොරතුරුත් සොයා බලන්න විය. ඒ අනුව දිනක් තම දියණිය රථයෙන් ගෙදර රියැදුරා සමග උපකාරක පංතිය අසලට ගෙනැත් ඇරලූ‍වේය. සරත් තම වාහනයෙන් නොව ත‍්‍රීවීල්  රථයකින් මෝටර් රිය පසුපස හඹා ආවේ තම දියණිය ගේ තොරතුරු සොයා බලන්නටය. ඒ අනුව ඔහුට පෙනුණේ ඇස් අදහා ගත නොහැකි දර්ශනයකි.
පන්තිය ළඟින් බැස ගත් ගයන්ති ඊළඟට නැගගත්තේ තරුණයකු පදවාගෙන ආ යතුරු පැදියකටය. සරත් යතුරු පැදිය පසුපස යන්නැයි ත‍්‍රිරෝද රියේ රියැදුරාට කීවේය. යතුරු පැදිය නතර වූයේ චිත‍්‍රපට ශාලාවකිනි. වටපිට බැලූ ගයන්ති පෙම්වතා සමග චිත‍්‍රපට ශාලාව තුළට රිංගන අයුරු සරත් බලා හුන්නද ඔහු ඒ අවස්ථාවේ දී බොහෝ ඉවසුවේය.

ඔහුට ගයන්තිව ඇදගෙන ගෙදර යන්නට සිත් වූහ. නමුත් තම දියණියගේ ජීවිතයට යම් අනතුරක් වේ යැයි සරත්ට සිත්විය. ඒ අනුව ඔහු වේදනාවෙන් සිනමා ශාලාව අසල රැුඳී සිටියේ පැය දෙක හමාරක් කාලය මරමිනි. නිශාන්ත ගයන්ති සිනමා ශාලාවෙන් එළියට පැමිණ එම නගරයේම  තමා ආ උපකාරක පංතිය අසලට ඇරල වූ නිශාන්ත විදුලි වේගයෙන් පියඹා ගියේය. ඉන්පසු  ගෙදර වාහනය පැමිණීමෙන් පසු ගයන්ති ගෙදර බලා ආවේ පංති ගිය ආකාරයෙනි.

මේ සිදුවීම ගැන සරත්ට අනුලාට කියන්නට සිත් නොවීය. ඒ තම බිරිඳට මේ සිදුවීම අසා දරා ගැනීමේ හැකියාවක් නොවීම නිසාය.  එනමුත් සරත් නිශාන්ත පිළිබඳ තොරතුරු සොයන්නට පටන් ගත්තේය. එහිදි හෙළි වූයේ තම දුව රැුවටී ඇත්තේ දරුවන් සිටින පියෙකුට බවය. ඒ තොරතුරු අනුව ගයන්තිගේ පියා නිශාන්තගේ බිරිය සොයා ගියේය.


දිනක් ගයන්තිගේ ජංගම දුරකථනය නාදවුණි. ගයන්තිට එම දුරකථනයේ එහා කෙළවර සිට ගැහැනු කටහඬක් ඇසුණි.  ගයන්තිගේ කනට ඇසුණේ තමා කිසි විටක නොසිතූ නොපැතූ කාරණයකි. ඒ නිශාන්තගේ බිරිඳය. තමාගේ සැමියා හා පෙම් සම්බන්ධයක් පවත්වන්නේ  ඇයි දැයි ඇය ගයන්තිගෙන් විමසීය. ඒ කතාවෙන්  ඉහ මොළ රත් වූ ගයන්තිට හඬන්නට හැරෙන්න වෙන කිසිවක් ඉතිරි නොවීය. මේ කතාව ගැන දැනගන්නට ගයන්ති නිශාන්තට කතා කළද ඔහුගෙන් පිළිතුරක් නොවීය.

ටික වේලාවක් ගිය පසු ගයන්තිගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණි. එමගින් නිශාන්ත කීවේ තම බිරිය කී කතාව සත්‍ය බවය.

මේ අතර ගයන්තිගේ පියා නිශාන්තව ‍පොලීසියට රැුගෙන ආවේය.
එහිදී ඔහු විවාහක දරුවන් තිදෙනෙකුගේ පියෙකු බවත් රැුකියාවක් නොමැති කමින් මුදල් ගැනීමේ ච්තෙනාවෙන් ගයන්ති සමග සබඳතාවක් ගොඩනගාගත් බව පා‍පොච්චාරණය කළේය. කෙසේ නමුදු මේ සිද්ධිය වැඩිදුර ගෙන යෑමට ගයන්තිගේ පියා කල්පනා නොකළේය. ඒ සිය දියණියගේ අනාගතය ගැන සිතමිනි. එනමුත් මේ කතාව නම් ආදරයට බව පවසමින් තම දරුවන් ඉල්ලන ඉල්ලන දේ දෙන දෙමාපියන්ට මෙන්ම අධ්‍යයන කටයුතු  පසකලා පේ‍්‍රම සබඳතා පවත්වන්න යන යෞවනියන්ට නම් හොඳ පාඩමක් කියා දෙනු ඇත්තේය.

නවසීලන්තයේ ඉදන් තනූජා ඇවිත්....

මෙහෙ නිළියක් වුණාට මම එහෙ පෙර පාසල් ගුරුවරියක් - තනූජා

නවසීලන්තයේ ඉඳන් කවදාද තනූජා ලංකාවට ආවේ...?
සති දෙකක් විතර වෙනවා. තව සතියකින් ආපහු යනවා.

ඔය තරම් හදිස්සියෙ ආවේ ඇයි?
හුස්ම සහ ඔක්සිජන් ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට ලංකාවට ආවේ. මම ලංකාවෙන් යන්න කලින් රූගත කිරීම්වල පළමු අදියරට සහභාගි වුණා... අවුරුදු තුනකට විතර පස්සේ තමයි දෙවැනි අදියරේ රූගත කිරීම් ආරම්භ වුණේ. රූපිකා කියන්නේ නාට්‍ය පුරා දිවෙන චරිතයක්. විදෙස් ගත වෙලා හිටපු නිසා මට තිබුණා නෑවිත් ඉන්න. ඒත් වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට ඒක ඒ තරම් හොඳ නැහැ. ඒ නිසයි මම ලංකාවට ආවේ.

විදෙස් ගතවෙලා රංගන ජීවිතයට අපරාධයක් කරගත්තා කියලා හිතෙන්නෙ නැද්ද?
නොහිතෙනවා නෙවෙයි. ඒත් ඒ හැමදේටම වඩා පවුල් ජීවිතය වටිනවානෙ. පණ්ඩුක එහෙ ඉඳිද්දී මට තිබුණා මෙහෙ ඉන්න. ඒත් මං කැමති නෑ අපි දෙන්නා දෙතැනක ඉන්නවාට.

පණ්ඩුක දැන් මොකද කරන්නේ?
අධ්‍යාපන කටයුතු අවසන් කරල ප‍්‍රධාන පෙළේ සමාගමක ප‍්‍රධාන සූපවේදියෙක් විදියට වැඩ කරනවා.
ලංකාවෙ ඉන්න කාලේ පණ්ඩුකත් රංගන කටයුතුවලට සම්බන්ධ වුණා නේද?
ඔව්. එයා අන්තිමට රඟපෑවේ උදයකාන්ත අයියගෙ සෙනසුරු මාරුව චිත‍්‍රපටයේ. චිත‍්‍රපට කිහිපයකට, ටෙලිනාට්‍ය දෙක තුනකට පණ්ඩුකත් සම්බන්ධ වුණා.
බිරිය නිළියක් නිසාද පණ්ඩුකටත් රංගනයට හිත ගියේ...

මම බිරිය වුණේ පස්සෙනේ... නළුවෙක් වෙන්න වුවමනාව තිබුණා නම් එයාට පුංචි කාලේ ඉඳන්  ඕනෑ තරම් අවස්ථාව තිබුණා. මොකද පණ්ඩුකගෙ තාත්තා දක්‍ෂ සිනමා කැමරා අධ්‍යක්‍ෂවරයෙක්. (කේ.ඞී. දයාරත්න* පසුගිය කාලේ වුණත් පුංචි වෙනසකටත් එක්ක රඟපෑවාට, නළුවෙක් වෙන්න එයාට කවදාවක් වුවමනාවක් තිබුණේ නැහැ.

බිරිය රඟපානවාටත් තහංචි දැම්මෙ නැද්ද...?
එයාට මාව හම්බ වුණේ මම නිළියක් වුණාට පස්සේ. උදවු කළා මිසක් කවදාවත් තහංචි දැම්මේ නැහැ. ඒකනේ මේ විදියට ලංකාවටවත් එන්න ලැබුණේ.

තනූජා නවසීලන්තයේ රැුකියාවක් කරන්නෙ නැද්ද?
මෙහෙ නිළියක් වුණාට මම එහෙ පෙර පාසල් ගුරුවරියක්.

ගුරුකමයි, නිළිකමයි හාත්පසින්ම වෙනස්නේ...?
ඇත්ත. ඒත් පුංචි දරුවො ඉස්සරහා මම නිළියක් නෙවෙයි. රැුකියාවෙදි විතරක් නෙවෙයි ලංකාවෙන් පිටවෙන්න ගුවන් යානයට අඩිය තියනකොටම ඔය නිළිකම ඔළුවෙන් අයින් නොකළොත් අපිට වෙන රටකට ගිහින් වැඩක් කරන්න බැහැ. මොකද අපේ රටේදී අපි නිළියො වුණාට ඒ රටට අපි සාමාන්‍ය මනුස්සයෝ විතරයි. අනිත් එක කියන්න  ඕනෑ පුංචි දරුවොත් එක්ක වැඩකරනකොට හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ... ඒ වගේම තමයි පෙර පාසල් ගුරුවරියක් විදියට ලැබෙන ජාත්‍යන්තර පුහුණුව මිල කරන්න බෑ... ‘අසංගි‘ කියන ලංකාවේ යාළුවෙක් තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ...

ගුරුකමට තනූජාගේ හිත ගිහින් වගේ...?
අම්මෝ ඔව්... ගෙදර ආවහම ඊළඟ දවස උදාවෙනකන් බලාගෙන ඉන්නේ... ඒ තරම් මම ඒ රැුකියාවට ආසයි.
ඒ කියන්නේ තනූජා දිල්හානි කියන නිළිය ගැන තවදුරටත් පේ‍්‍රක්‍ෂකයො විදියට අපට බලාපොරොත්තු කියා ගන්න බෑ...
මෙගා නාට්‍යවලට නම් සම්බන්ධ වෙන්න බෑ... ඒත් ඉඳහිට හොඳ නිර්මාණයක් ලැබුණොත් ටික දවසකට මේ ආවා වගේ ඇවිත් යන්න පුළුවන්.

දැන්ම ලංකාවෙ පදිංචියට එන්නෙ නැද්ද?
නැහැ. තව ටික කාලයක් ගතවේවි. තාම අපි ඒ රටේ ස්ථාවරයක් ගොඩනඟා ගත්තා විතරයිනේ.
ඔයා ලංකාවෙ නැති කාලේ සම්මාන සඳහාත් නිර්දේශ වුණා නේද?
ඔව්... එක සම්මාන උළෙලක හොඳම නිළියට නිර්දේශ වුණා. තවත් සම්මාන උළෙලක සහාය නිළියට නිර්දේශ වුණා. මං හිතන්නේ සම්මානයක් ලැබුණාටත් වඩා මට ඒ ගැන සතුටුයි.

කවදාද දෙන්නා තුන්දෙනා වෙන්නේ...?
දැන් නම් ඒ ගැන හිතන්න කාලේ හරි කියලා හිතනවා.
ආපසු ලංකාවට ඇවිත් යන්න එන්නේ කවදාද?
ලබන අවුරුද්දේ විතර. ඒ ආවහමත්  කතා කරන්නම්කෝ.

හිමේෂා සවන්තී රාජපක්‍ෂ
ඡුායා: අසන්ත ගමආරච්චි


Tuesday, August 26, 2014

චිත්‍රපට සංස්ථාවට කොන්දක් නැ.නිලධාරීන් පොල්පිති වගේ ! - වන්ෂොට් සමඟ විරසක වූ අර්ජුන් කමලනාත් කියයි !

- බනින්නෙත් මුනටමයි.වැරදි කියලා හිතුනාම සමාව ගන්නෙත් ප්‍රසිද්ධියෙමයි!

- ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ අද ලංකාවේ ඉන්න නොම්බර එකේ අධ්‍යක්ෂවරයා!

- ඇයි ඔච්චර බය?මාත් එක්ක ඕන නළුවෙක් එන්න රඟපාන්න!

- ගාමිණි ෆොන්සේකා,විජය කුමාරතුංග වලෙන් නැගිටලා ආවත් මට කිසි ප්‍රශ්නයක් නෑ!

- එන්න එකට වැඩ කරමු.වැඩ කරලා වැඩ පෙන්නමු!


ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ,නළුවෙක් හැටියට අපි හඳුනාගෙන හිටපු අර්ජුන් කමලනාත්ව සිනමා අධ්‍යක්ෂවරයෙක් කරපු චිත්‍රපටය.අර්ජුන් යාළුවො කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා සල්ලි දාලා කරපු මේ චිත්‍රපටයෙන් ඔහු පාඩු ලැබුවා.ඉස්සර පුංචි තිරයෙන් වැඩිය දකින්න නොලැබුණු අර්ජුනව මේ සිද්දියෙන් පස්සේ අපිට ටෙලිනාට්‍ය වලින් දකින්නත් ලැබිලා.


ප්‍රශ්නය -:
අර්ජුන් ඔබේ film එකෙන් පාඩු වුනු නිසාද දැන් සල්ලි ගැන හිතලා ටෙලිනාට්‍ය වලත් රඟපාන්නේ?
අර්ජුන් -:
මං වේදිකා නාට්‍යයකවත් රඟපාන්නේ නැතුව කෙලින්ම සිනමාවට ආපු නළුවෙක්.ඒ අතරින් පතර ටෙලිනාට්‍යයකත් රඟපෑවා ලැබුණු ආරාධනා මත වෙනසකටත් එක්ක.tv එකේ නිතරම පෙනුනාම සිනමාවට අඩු තක්සේරුවක් වෙයි කියල මම ටෙලිනාට්‍ය 50 කට එහා ප්‍රතික්ෂේප කරලා තියෙනවා.මේ විදිහට පර්ස් එක ගැනවත් නොහිතා සිනමාව ගැන හිතපු මට අධ්‍යක්ෂවරයෙක් විදිහට මුලින්ම චිත්‍රපටයක් කරපු වෙලාවේ මේ රටේ සිනමාව පාලනය කරනවා කියන පුද්ගලයෝ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ පාලන අධිකාරිය සලකපු විදිහ ගත්තාම මට හිතෙනවා මං ජිවිතේ වරද්ද ගත්තද කියලා.
කවුරුත් දන්නවා සිනමාවේ තියෙන්නේ එකාධිකාරයක්.එක්තරා පුද්ගලයෙක් ඉන්නවා,ඔහුව රකින එක්තරා නළුවෙක් ඉන්නවා.මේ දෙන්න ඇති කරගෙන ඉන්න මාෆියාව ලේසිපාසු නැ.ඒකට මං අහුවුනා.ඒකට අහුවුනාම චිත්‍රපට සංස්ථාව ඉන්නේ අපිව ගලවගන්න.නමුත් වර්තමාන පාලන අධිකාරියට හැකිවුණේ නැ.අඩු තරමේ නැකතට පහන පත්තු කරන්නවත් මට සිනමාශාලාවක් තිබුනේ නැ.මට කරපු දෙ ගැන කියන්න සිංහල භාෂාවේ වචන නැ. තියෙන ඒවා පාවිච්චි කලොත් මාධ්‍යට හොඳ නැ.
හැබැයි මට නසරානි වැඩ කරපු ඒ අයගේ film එක හොම්බෙන් ගියා.පොඩි ෆිල්ම් එකක් නිසා මටනම් පාඩු ලක්ෂ 10ක් 15ක් විතර.ඒගොල්ලන්ට ලක්ෂ 150ක 200ක පාඩුවක්.උඩ දෙවියෝ කියලා ජාතියක් ඉන්නවනේ.මට විතරක් නෙමේ මේ දේ 90% කට වෙනවා.මේක නවත්තන්න චිත්‍රපට සංස්ථාවට කොන්දක් නැ.නිලධාරීන් පොල්පිති වගේ.මං දැන් පාඩුවේ බලන් ඉන්නවා මොනවද මේ වෙන්නේ කියලා.මං අධ්‍යක්‍ෂණය කරන්න පටන්ගත්ත තව ෆිල්ම් එකක් තියෙනවා.ඒක බාගෙට නැවැත්තුවා.මේ ප්‍රශ්න විසදෙන තුරු ඒකට ඇත තියන්නේ නැ.දන්න කෙනෙක්ට ෆිල්ම් එකක් කරන්න කියන්නෙත් නැ.

ප්‍රශ්නය -:
ඔබ මීට පෙරත් සිනමාවේ දැවැන්තයෝ කිහිප දෙනෙක් එක්ක ප්‍රශ්න ඇති කරගත්තා.හැබැයි ටික කාලෙකින් ඔවුන්ගෙන් සමාවත් ගත්තා ..
අර්ජුන් -:
මං සමාව ඉල්ලුවේ මගේ film ඒක සම්බන්ද ප්‍රශ්නෙකට නෙමේ.රවින්ද්‍ර රන්දෙනිය මහත්තයත් එක්ක මට ප්‍රශ්න තිබුනේ වෙන වෙන කතන්දර එක්ක.පස්සේ මට තේරුණා ඔහු උපදේශන තනතුරේ හිටියට නිදහසේ වඩා කරන්න බැ කියලා.ඔහු ප්‍රවීනයෙක් වැඩිහිටියෙක්.ඉතින් නොදැනුවත්කමින් හරි හිත රිද්දුවනම් කියලයි මං සමාවගත්තේ.කොපි පනස් පහේ ප්‍රශ්නෙදි සෝමරත්න බාලසුරියයි රේණුකා බාලසුරියයි කියන දේ වැරදියි වගේ මුලින් මට හිතුනේ.මගේ ෆිල්ම් ඒකට ඒ ප්‍රශ්නේ අවේ නැ.චිත්‍රපට සංස්ථා මණ්ඩලයේ තියෙන ප්‍රධාන ශාලාවක් සහ චිත්‍රපට සංස්ථාවට අයිති කන්ට්‍රාස් දළුගම ශාලාව මට දෙන්න කියලා සෝමරත්න මහත්තය සංස්ථාවට ලියුමක් දුන්නා.ඒකෙ වත්මන් බදුකරු අර මාෆියා කාරයා තමයි ඒක දුන්නේ නැත්තේ.ඉතින් මගේ අතින් වැරද්දක් වුනාම ඒක පිළිගන්න සමාවෙන්න කියලා ප්‍රසිද්දියේ කියන්න තරම් මට කොන්දක් තියෙනවා.බනින්නෙත් මුනටමයි.වැරදි කියලා හිතුනාම සමාව ගන්නෙත් ප්‍රසිද්ධියෙමයි.

ප්‍රශ්නය -:
ඔය විදිහටම තව ටික කාලෙකින් මේ දෙන්නගෙනුත් සමාව ගනීද?
අර්ජුන් -:
ඔය නළුවා මං සිනමාවට ආපු දවසේ ඉඳලා අද අන්තිම චිත්‍රපටය වෙනකම්ම මට ගහපු කෙනනේ.අනිත් මාෆියා කාරයා ගැනත් මගේ ස්ථාවරය වෙනස් වෙන්නේ නැ.මෑත කාලේදී මං සුරංග ද අල්විස් අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටය ක රඟපෑවා.එකේ මාවයි හිමාලි සිරිවර්ධනවයි දාලා ලස්සන යුග ගීතයක් කළා.ඒ සින්දුව කෝ?මේ සින්දුව කලොත් මං හඬ කැවීම් වලට එන්නේ නැ කියලා තර්ජනය කළා,ඒ නිසා අර්ජුන මේක කරන්න වෙන්නේ නැ කියලා අධ්‍යක්ෂවරයා මට කිව්වා.ඔය එකක් විතරයි.

ප්‍රශ්නය -:
ඔබ ලඟදි දවසක් කියලා තිබුනා ඔබට ලැබෙන්න තිබුණු ජනප්‍රිය නළුවා සම්මානයත් නොදී හිටියා කියලා?
අර්ජුන් -:
මට මතක විදිහට ඒක වුනේ 2006 සරසවි සම්මාන උළලේදී.ඒ කාලේ කුපන් වලින්නේ කට්ටිය තෝරන්නේ.ඉතින් හැමදාම නළුවයි එයාගේ කට්ටියයි එකතු වෙලා කුපන් පුරවලා යවනවා.ඕක කවුරුත් දන්න දෙයක්.ඉතින් අපිත් කළා.මුලින් එකට හිටියේ මම.දෙක චන්න,තුන ඔය කියන නළුවා.ඊටපස්සේ closing date ඒක සුමාන දෙකක් ඉස්සරහට දැම්මා.ඇතුලේ හිටපු යම කිව්වා මම එකට හිටපු හින්දයි එහෙම කලේ කියලා.ඊටපස්සේ සතියෙත් මං එක.අන්තිම සතියේදී පත්තරේ ඡන්ද ප්‍රතිපල නැ.මං සම්මාන උළෙලට ගියා.නමුත් සම්මානේ මට ලැබුනේ නැ.පස්සේ මට දැනගන්න ලැබුනා අර නළුවා ඉන්දියාවේ ඉඳන් කතා කරලා කියලා තියෙනවා කාට දුන්නත් අර්ජුනට නම් දෙන්න එපා කියලා.ඒ අවුරුද්දෙන් පස්සේ අද වෙනතුරු ඔය සම්මාන උළෙල තියන්න හම්බවුනේ නැ.ඒකියන්නේ ඔඩිට් ඒකෙන් සේරම චෙක් කරලා බලල මගේ චෝදනාව පිළිඅරන් තියෙනවා කියන එකනේ.

ප්‍රශ්නය -:
විජය කුමාරතුංග ,ගාමිණි ෆොන්සේකා ගෙන් පස්සේ සිනමාවට වීරයෙක් බිහිවුනේ නැ.දැනට ඉන්න එකම වීරයා රන්ජන් රාමනායක කියලා සමහරු කියනවා?
අර්ජුන -:
ඉතින් ඒක තමයි අද සමහරක් පුද්ගලයන්ට කරන්න ඕන වෙලා තියෙන්නෙත්.එතනින් එහාට කාටවත්ම එන්න දෙන්නේ නැ.ඊයේ පෙරේද හිරු tv එකේ ගියා ජයපිට ජය කියන film ඒක.ඒක බැලුවනම් අර්ජුන කමලනාත් ගේ සටන් ජවනිකා බලාගන්න තිබුනා.කාටවත් කියන්න බැ එයාගෙන් පස්සේ කවුරුත් නැ කියලා.මම ඉන්නවා,තව රොෂාන්,හේමාල් පුබුදු චතුරංග.නළු නිළියන්ගේ අඩුවක් නෙමෙයි අද තියෙන්නේ.වීර චරිත කරන අධ්‍යක්ෂවරුන්ගේ අඩුවක් තියෙන්නේ.දැන් ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා මහරජ ගැමුණු කරන කොට සුරනිමල කියන දැවැන්ත චරිතයට ගත්තේ අර්ජුන කමලනාත්ව.
ජයන්ත චන්ද්‍රසිරි කියන්නේ අද ලංකාවේ ඉන්න නොම්බර එකේ අධ්‍යක්ෂවරයා.එතුමාගේ film එකේ අශ්වයෝ පදින අශ්වයෙක් පදින ගමන් තවත් අශ්වයෙක්ව අරන් යන,කඩු සටන් තියෙන සුරනිමල චරිතය දුන්නේ අර්ජුන කමලනාත්ට.ඉතින් ඔය කියන පුද්ගලයට දෙන්න තිබුනනේ.ජයන්ත චන්ද්‍රසිරි වගේ මොලේ තියෙන මිනිස්සු දන්නවා වැඩකාරයා කවුද කියලා.කකුලක් අඩි පහක් උස්සගන්න බැරි මනුස්සයෙක් කොහොමද සටන් නළුවෙක් වෙන්නේ.ඔය කියන පුද්ගලයා එක්ක තමයි මන් රජ හොරු ච්ත්‍රපටය කලේ.බලන්න ඒකෙ කවුද වැඩ පෙන්නලා තියෙන්නේ කියලා.
ඇයි ඒ film එකේ කටවුට් ,පෝස්ටර් වලට අර්ජුනව දාන්න දුන්නේ නැත්තේ.හැබැයි film එක සුමානෙන් වැටුනට පස්සේ නිෂ්පාදකයාට අර්ජුන කමලනාත්ව ඕන වෙලා පත්තරවල පෙන්නලා තව සුමාන දෙක තුනක් film එක දුවව ගත්තා.පත්තරේකටත් ඔය අනිත් නළුවා කියලා තිබුනා meetings 11ක් තිබ්බ කියලා මාත් එක්ක රඟපාන්න කැමතිවෙන්න.හැබැයි අධ්‍යක්ෂවරයා මට කිව්වේ 11ක් නෙමෙයි 19ක් තිබ්බ කියලයි.ඊටපස්සේ script එක ගෙන්න ගෙන තමන්ට කැමති චරිතය තෝරාගත්තා.මන් කලේ ඉතුරුවුණු එක.ඇයි ඔච්චර බය?මාත් එක්ක ඕන නළුවෙක් එන්න රඟපාන්න.ඔය කියන පුද්ගලයා හරි හේමාල් හරි ආයි ගාමිණි ෆොන්සේකා,විජය කුමාරතුංග වලෙන් නැගිටලා ආවත් මට කිසි ප්‍රශ්නයක් නැ.තමන්ට දෙන චරිතේ තමන් කරලා හරියට ගෙදර එන්න ඕනේ.ඒකයි නියම දේ.

අරු කරන්නේ මොකක්ද?එඩිට් එකට ගිහිල්ලා වාඩි වෙලා,මුගේ ෂොට් කපන්න මේක දාන්න එපා,එඩිට් එකට යනවා.අවශ්‍ය නෑ නේ නළුවෙකුට එඩිට් එකට යන්න.ගිහිල්ලා අනිත් එවුන්ගේ ඒවා බලන්න.ඉතින්  ඒවා හොඳ වැඩ නෙමෙයි.ඉතින් මේවා දන්නේ නෑනේ ඇත්ත මිනිස්සු.මම කියන්නේ ඒකයි.එන්න එකට වැඩ කරමු.වැඩ කරලා වැඩ පෙන්නමු.

දින 25 කට පසු කැලෑවේ ගහක එල්ලෙමින් තිබුණ අතුරුදන්වූ තරුණයාගේ අභිරහස් මළ සිරුර

හලාවත මාදම්පේ ප‍්‍රදේශයේ පුද්ගලික ඉංජිනේරු ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි විදුරංග නමැති තරුණයෙකු පසුගිය මාසයේ හදිසියේ අතුරුදන්ව තිබුණා. නිවැසියන් ඔහු ගැන සොයා බැලූවත් කිසිදු ආරංචියක් ලැබී තිබුනේ නැත.
පසුව නිවැසියන් පොලිසියට පැමිණිලි කළද තොරතුරක් හමුව නැත. ටික දිනක් යද්දී වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කැලෑවේ රාජකාරියේ නිරවෙද්දී මාදම්පේ පනිරෙන්දාව ප‍්‍රදේශයේ වනන්තරයක තිබී හිමිකරුවෙකු නොමැති බෑගයක් සොයාගෙන තිබූ අතර
එහි හැඳුනුම්පතක්ද තිබී ඇත. එය කාගෙදැයි නොදන්නා නිසා හිමිකරු සොයා බාරදෙන්නැයි පොලිසිය වෙත ගොස් ඔවුන් ඉල්ලා සිටියා. හැඳුනුම්පත පරීක්ෂා කිරීමේදී පොලිසියට මතක් වුනේ මෙම නම සඳහන් පුද්ගලයා අතුරුදන් බවට මින් ටික දිනකට පෙර නිවැසියන් කර තිබුණ පැමිණිල්ලයි.


 නිවැසියන් හමුවූ පොලිසිය එම බෑගය හා හැඳුනුම්පත පෙන්වද්දී තහවුරු වී ඇත්තේ හමුවී තිබෙන්නේ දින 25 කට පෙර අතුරුදහන්වූ බව කියන තරුණයාට අයත් හැදුණුම්පත බවය.
ඒ අනුව බෑගය හමුවූ ස්ථානය අවට පනිරෙන්දාව රක්ෂිත වනාන්තරය තුළ පොලිසිය මාපියන් සමග සිදු කරන ලද සොයා බැලීමකදී අභිරහස් ලෙස ගසක එල්ලෙමින් තිබූ මිය ගොස් ඇති තරුණයාගේ මළ සිරුර හමුවී තිබුණා.
ඒ අසල තිබූ ඇදුම් වලින් මිය ගොස් ඇත්තේ තම දරුවාම බවද අතුරුදහන්වී සිටි තරුණයාගේ මව්පියන් හ`දුනාගත්තා. දින 25 කට පෙර තම නිවසින් අතුරුදහන්වූ පුත‍්‍රයා
මෙලෙස හමුවේවියැයි මව්පියන්ට විශ්වාස කරන්නට බැරිව ගියා.
මාදම්පේ - පූක්කුලම ප‍්‍රදේශයේ පදිංචිව සිටි සී.පී.චතුර විදුරංග සිරිවර්ධන නම්වූ මෙම තරුණයා සිවිල් ඉංජිනේරු පාඨමාලාවක්ද  හදාරා ඇති අයෙකි.ඔහු පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටියේය. ඔහු මේ ආකාරයට මියයාම නිවැසියන්ට ප‍්‍රහේලිකාවක් වුණා.
තරුණයා ගෙළ වැළලා ගත්තේ නම් මළ සිරුර තිබිය යුතු ආකාරය සහ මළ සිරුර එල්ලී ඇති ගසේ තත්ත්වය අනුව මෙය එල්ලී මියයාමක්ද යන්න ගැන සැක මතුවී ඇති බවත් බැලූබැල්මට කිසිවෙකු හෝ මරා එල්ලා ඇති බවක් හැ`ගී යන බවද පොලිසිය පැවසුවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට මාදම්පේ පොලීසිය තීරණය කර ඇත.
මේ වන විට මළ සිරුර තිබෙන මාදම්පේ - පනිරෙන්දාව වනාන්තරයට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

Monday, August 25, 2014

කෙල්ලට වඩා අයි ෆෝනය ලොකු වෙලා

චීනයේ උමං දුම්රිය නැවතුමක පෙම්වත්තු දෙදෙනෙකි.පෙම්වතිය නොනවත්වාම කියවන්නීය.පෙම්වතාට වගේ වගක් නැත.අලූතින්ම මිලයට ගෙන ඇතැයි පෙනෙන අයිපෝනයක් සමග ඔහු වෙනම ලෝකයකය.
පෙම්වතියගේ හඬ එන්න එන්නම සැරය.සියලූදෙනාගේම අවධානය ඔවුන් වෙතය.
ඇයගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය සෙයක් පෙනුණි.පෙම්වතාගෙන් අයිපෝනය උදුරාගන්නට ඇය තැත් කළාය.
එය අත් හැරියේ නම් ඔහු නොවේ.බියපත් දරුවෙකු තම මවගේ අතෙහි එල්ලෙන්නාක් මෙන් ඔහු තම ‘‘වස්තුව‘‘ වන අයිපෝනයේ එල්ලීගෙනය.
ඇය නැවත වරක් ඇද්දාය.ඔහු පය පැකිළී බිම වැටුණේය.තවමත් අයිපෝනය ඔහුගේ අතේය.
ඇය කෝපයෙන් පිපිරෙන්නීය.දුම්රියද පිටත්ව යෑමට ආසන්නය.පෙම්වතා බිමය.ජංගම දුරකථනය ඔහුගේ අතේ සිරවීය.
කෝපයෙන් මිමිණූ ඇය තම පෙම්වතාව ජංගම දුරකථනයෙන්ම ඇදගෙන දුම්රිය වෙත යන්නට ගත්තාය.ඔහුගේ උරිසට පය තබා වැර යොදා ඇද දුරකථනය තමන් අතට ගැනීමට ඇය තැත් කළාය.
එයද සාර්ථක නොවුනි.දුරකථනය ගැලවිය නොහැකි සේ පෙම්වතාගේ අතට සවිකර ඇත්තාක් මෙනි.
මෙයින් පසු ජංගම දුරකථනයෙන් තම පෙම්වතාව වෙන් කරන්නට ඇය තැත් නොකළාය.එයින්ම ඇදගෙන ඔහුව දුම්රියට ගොඩ කළාය.ඇයද නැග ගත්තාය.
දුම්රිය පිටත්ව ගියේය.
අවට සිටියෝ විවිධ අදහස් පළ කළහ.මෙය දුරකථන සමාගමක ප‍්‍රචාරක උපක‍්‍රමයක් වන්නට ඇතැයි ඇතැම්හු කීහ.
නමුත් බොහෝ දෙනා මේ නම් රගපෑමක් නොවන බව පැවසූහ.
දුම්රිය මැදිරියේදී නම් දෙදෙන ගැටුම සමථයකට පත්කර ගත් බව එහි සිටි මගියෝ පසුව කීහ.


දීපිකා පදුකෝන් අර්ජුන් කපූර්ගේ උකුලේ ප්‍රසිද්ධියේම වාඩි වෙයි - Deepika sat on arjun's lap

පසුගිය 12 වැනිදා වෙබ් අඩවි, පුවත්පත් හා සඟරා බොහොමයක පින්තූර සහිතව අපූරු ප්‍රවෘත්තියක් වාර්තා වුනා. ඒ තමයි දීපිකා පදුකෝන් අර්ජුන් කපූර්ගේ උකුලේ වාඩිවී මාධ්‍යය සමඟ කතාබහ කිරීමේ පුවතයි. දීපිකා මේ අයුරින් හැසිරී ඇත්තේ මොම්බායේදී චිත්‍රපට ගීතයක් මහජනතාව වෙනුවෙන් නිකුත් කිරීමේ උත්සවයකට එක් වෙමින්.


ඉතාම කෙටි විවිධ වර්ණයේ ඇඳුමකින් සැරසී උත්සවයට එක්වූ දීපිකා අර්ජුන් සමඟ ඉතා හොද කාලයක්  ගෙවා ඇති අතර ගීත නිකුතුවෙන් පසුව පසුව මාධ්‍ය සමඟ කතා කල හෝරාවේද මෙසේ හැසිරී ඇත.

මේ අවස්ථාවේ අර්ජුන් ඉතා අපහසුතාවයෙන් හැසිරුනු හැටි සමාජජාල වෙබ් අඩවිවල පළ කර තිබූ අතර මේ සියල්ල පලවීමත් සමඟ අර්ජුන් හට දුරකථන ඇමතුම් රාශියක් ගලා එන්නට විය.

ඒ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ දීපිකා සමඟ ‘පයින්ඩිං ෆනී‘ චිත්‍රපටයේ එකට වැඩ කිරීම නිසා ඇය සමඟ ඉතා සමීප මිතුදමක් ගොඩනැගුනු බවත් මෙවන් ආකාරයෙන් හැසිරීම සාමාන්‍ය දෙයක් බවත්ය.

ඔවුන් දෙදෙනා සහභාගී වූ උත්සවයේ ඡායාරූප පහතින්....





වාරියපොළ සිද්ධියෙන් පසු සෙල්වාගේ බිරිය දරුවා සමග ඔහුගෙන් වෙන්වෙයි



සිද්ධිය මෙච්චර දුර යයි කියල මං හිතුවෙ නෑ


පසුගියදා ෆේස් බුක් ඔස්සේ ආන්දෝලනයක් ඇති කළ වාරියපොළ බස් නැවතුම්පොළේ පහරදීමේ සිද්ධියෙන් පසු එම තරුණිය නිවසින් එළියට බහින්නට බැරිව සිටින ආරංචිය මින් පෙර වාර්තා වුණා. එයට මුහුණ දුන් තරුණයාගේ තත්වය දැන් ඊටත් භයානකය.
සිද්ධිය නිසා ඔහුගේ පවුල ඔහු හැරදමා ගොසිනි. රොබට් දාසන්ලාගේ චන්ද්‍රකුමාර හෙවත් සෙල්වා නමැති 30 හැවිරිදි එක්දරු පියෙකු වූ ඔහු
වාරියපොළ, විලාකටුපොත පල්ලිය අසල පදිංචි කරුවෙකි.
සිද්ධියෙන් පසු ෆේස් බුක් ඔස්සේ ඇතිවූ ආන්දෝලනය නිසා මාධ්‍ය කැමරා කණ්ඩායම් ඔහුගේ නිවස සොයා ගිය අතර වාරියපොළ ප‍්‍රදේශය පුරා ඔහු ප‍්‍රසිද්ධවූයේ ‘කෙල්ලන්ට විහිළු කර ගුටිකෑ’ පුද්ගලයෙකු ලෙසිනි. එය ඔහුගේ බිරියට රුස්සන්නේ නැති කාරණාවක් වී තිබුණා.
සෙල්වා ඔහුට සිද්ධවූ අලතලංචිය විස්තර කර සිටියේ මෙසේය.

‘මං ඉපදුනේ වාරියපොළ. වාරියපොළ ටවුමෙම තමා මං ඉස්කෝලෙ ගියේ. දැන් මේ සිද්ධියෙන් පස්සෙ මට ටවුමෙ පැත්තවත් යන්න බෑ. මට සිද්ධියෙන් වුනේ අපහාසයක්.



යාළුවො කිව්ව නිසා මං රැුවුලත් කැපුවා.
මං හිතුවෙ නෑ මේ සිද්ධිය මෙච්චර දුරට යයි කියලා. මං විවාහකයි එක දුවෙක් ඉන්නවා. ඒත් මේ සිද්ධියෙන් මං හිතපු නැති විදියෙ දෙයක් ගෙදර ගිහාම වුනේ. මගෙ ගෑනියි දරුවයි මේක නිසා මට ඇත්තටම නැතුව ගියා. ඒ ගොල්ලො මාව දාලා ගියා.

මට අම්මයි තාත්තයි දෙන්නම නෑ. තාත්තා අවුරුදු 7දී නැති වුණා. අම්මා මාව දාල ගියේ අවුරුදු 18දී. නැන්දලායි ගෙදර මං හිටියේ. පොල් කඩල තමා මං ජීවත් වෙන්නේ. මට මල්ලිලා 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් වැඩ කරන්නෙ ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවෙක් විදිහට. ජයසිංහ අයිය ඉස්සර ඉඳල මං දන්නවා.

ඒත් එයා මේ සිද්ධියේදී මගෙ පැත්තට කථා කළේ නෑ. මාව පොලිසියට අල්ලල දෙන්න තමා බැලූවේ. ඔහොම ඇඳුම් ඇඳගෙන ටවුමේ ඇවිදින්න එන එක කැතයි කියල විතරයි මං ඒ දෙන්නට කිව්වෙ. උපදෙසක් දෙන


 විදිහට කිව්වෙ. නරක වචන කිව්වෙ නෑ.ඒත් ඒ දෙන්නා මං පස්සෙන් ඇවිත් නොහිතපු තරම් දුරට ඒ සිද්ධිය ගෙනිච්චා.

පැය භාගයකට වඩා මට ගැහුවා. අන්තිම වෙද්දි මට දුවලා යන්නවත් බැරුවා ගියා.
මං එයාලට අතක්වත් උස්සන්න හිතුවේ නෑ. ඒ අයට ගහන එක හොඳ දෙයක් නෙවෙයි කියලා මට හිතුණා. කේන්තිය නිවාගෙන නතරවෙයි කියල හිතුවා.
මං ටිකක් බොනවා නම් තමයි. ඒත් ඒ වෙලාවේ බීලා හිටියේ නෑ. අන්තිමට මට වුනේ පවුලත් නැතිව ගිය එකයි’





Sunday, August 24, 2014

චිලී විනූ එක්වී බොලිවුඞ් අත්හදාබැලීමක

ගායකයෙකු හා නළුවෙකු වන චිලී තිලංක බොලිවුඞ් චිත‍්‍රපටයක මෝස්තරයට ඉදිරිපත් කරන ‘ඔබගෙන් කරම්’ අලූත්ම මියුසික් වීඩියෝව නිර්මාණය කිරීමේ පසුබිම් ඡුායාරූප එකතුවක් පහතින් දැක්වෙනවා. මෙම දර්ශන නුවරඑළිය ප‍්‍රදේශයේ
රූගත කර ඇත.
ටෙලි නිළි විනූ සිරිවර්ධනද මෙහිදී චිලී සමග ර`ගපානවා.

Saturday, August 2, 2014

Related Posts Plugin for WordPress, Blogger...