Saturday, October 11, 2014

හැරී(Harry) කුමරු ගෙන් ගැබ්ගත් ගැහැනියක් ...?


තරබාරු කාන්තාවක් බකිංහැම් මාලිගයේ ආරක්ෂකයන් හමු වී  මොහොතේම හැරී කුමරු හමු වන්නට අවශ්‍ය බව පවසා තිබේ. නමුත් ඔහු හමුවන්නට අවශ්‍ය හේතුව ලෙස ඇය දක්වා ඇත්තේ එය අතිශය පෞද්ගලික කාරණයක්  බවයි. දිගින් දිගටම ප‍්‍රශ්න කරන විට තමන්ට හැරී කුමරුන්ට ඉතාම බියකරු පුවතක් විය හැකි පණිවුඩයක් පවසන්නට ඇති බවත් එය ඇය විසින්ම ඔහු වෙත පවසන්නට අවශ්‍ය බවත් කියා තිබේ.
කෙසේ වුවද ඇය තම නම පැවසීමට හෝ සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූයෙන් ඇයට මාලිගයේ ගේට්ටුවෙන් ඇතුළු වන්නට ආරක්ෂකයන්ගෙන් අවසර ලැබි නැත. ඇයට ලැබුණු එකම පිළිතුර වී තිබුණේ වහාම මෙතැනින් පිට වන බව පැවසීම පමණි. මේ ගැන කෝප වූ ඇය තමන් මෙතනින් පිට වන්නේ හැරී කුමරුන් හමු වී සාකච්ඡුා කිරීමෙන් පසුව පමණක් බව දැඩි ලෙසම පවසා තිබිණි. ඉන්පසු ඇය මාලිගය අවට එහා මෙහා ඇවිදිමින් සිටිනු ආරක්ෂකයන් දැක තිබිණි. රැ බෝ වූ පසු ඇය ආරක්ෂකයන්ගේ ඇස් වසා මාලිගයේ ගේට්ටුවෙන් රිංගා උද්‍යානයට ඇතුළු වීමට උත්සාහ දරන මොහොතේ ඇය අත්අඩංගුවට ගන්නට ආරක්ෂකයන් පියවර ගෙන තිබිණි.
පසුව බකින්හැම් මාලිගයේ ආරක්ෂාව සඳහා යොදා ඇති ප‍්‍රාන්ත පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගන්නා ලදී.
Related Posts Plugin for WordPress, Blogger...